ඉන්දියන් අය පුල්කා චාපාති කියලාත් කියනවා. පුල්කා කියන්නේ පිම්බෙන කියන එකයි. ඇත්තටම මුලින් ම මට චාපාති හදන එක එපා වෙලා තිබුනේ. එත් මං එක එක විදිහට try කරලා හරියටම අවුරුදු කිහිපයකට පස්සේ චාපාති හරියටම හදන්න ඉගෙන ගත්තා. දැන් නම් චාපාති නිතර හදනවා. චාපාති රොටියෙන්ම තමයි මං ශවර්මා එක හදන්නේත්. එහෙනම් බලමු මොනාද ඔනා කියලා
ඉන්දියන් සොෆ්ට් චපාති රොටි
ආටා පිටි කොප්ප 1 1/2
ලුණු කුඩු තේ හැදි 1/2
සිනි තේ හැදි 1/2
උණු කිරි හෝ වතුර කොප්ප 1/2 + මේස හැදි 2
එලගී තෙල් / බටර් / ඔලිව් තෙල් තේ හැදි 1 1/2
මුලින්ම ආටා පිටි හා ලුනු කුඩු සිනී දලා කලවම් කරන්න. අපේ ලංකාවේ තියෙන ආටා පිටි එක ටිකක් තද ගතිය වැඩියි. එකට ඔයා අනන විදිහ අනුව කිරි ඔනා ප්රමාණය වෙනස් වෙන්න පුලුවන්. ඊලඟට රස්නේන් කිරි ටික ටික දලා තෙල් ටිකකුත් දලා ඩෝ එක අන්නන. වතුර දානවාට වඩා කිරි දැම්මාම චාපාති එක හරි රසයි. එවගෙම soft එකටත් එනවා. ඔයා අනනකොට කිරි ටික ඔක්කොම එක සැරෙට දාන්න එපා ටික ටික දාන්න. දැන් පිටි ටික එකතු උන පිටි බොලයක් හැදෙනවා නේ.. මෙන්න මේ පිටි බොලය විනාඩි 10 - 12 ක් හොදට අනාන්න. එතකොට පිටි බොලය කැඩි කැඩි යන ගතිය නැති වෙලා සොෆ්ට් එකට එනකම්ම හොදට අනන්න ඔනා. අපි පිසා වලට බනිස් වලට අනනවා වගේ නෙමෙයි මෙතනදී අනන්නේ අතින් punch කර කර නව නව තමා හදන්න ඔනා. එ විදිහට විනාඩි 10 ක් අනලා උඩින් තෙල් ටිකක් ගලා තෙත රෙද්දකින් වහලා විනාඩි10ක් soft වෙන්න තියන්න.
විනාඩි 10කට පස්සේ dough එකෙන් බොල 5ක් කඩාගන්න. නැවතත් විනාඩි 5ක් පමණ වහලා තිබ්බාත් කමක් නැ.
දැන් පුලුවන් ඔයාට රොලින් පින් එක ආධාරයෙන් රවුමට තුනි කරලා රොටි හදාගන්න. ඔයා මුල් වතාවට රොටි තුනි කරන කෙනෙක් නම් මුලින් ටිකක් අමාරු වෙයි. Practice තමා රොටි තුනි කරන එකට ඔනා. හැඩය ගැනනම් හිතන්න එපා මගෙත් මුලින් හරියට හැඩය නැ. රොටි තුනි කරනකොට හොදට ආටාපිටි වල තවරලා රොල් කරන්න. රොලින් පින් එකෙ ඇලෙනවා වගේ නම් නැවතත් ලීයේ හා ලැල්ලේ පිටි ගාන්න ඊටපස්සේ රොල් කරන්න. රොටිය ගොඩාක් මහතට ගන්නත් එපා . ගොඩාක් තුනී කරන්නත් එපා. ටිකක් මහත තියන්න.
ඊටපස්සේ තැටියට දලා රොටි පුච්ච ගන්නයි තියෙන්නෙ රොටිය දෙපැත්ත දදා පුච්චන්න ඔනා. රොටිය ටික වේලාවක් තැටියේ දලා පුච්චලා ඊටපස්සේ තව ගින්දර වැඩි කරලා කෙලින්ම ගින්දරට අල්ලලා පුච්චන්න. ( රොටි පුච්චන්න එකේ රහසක් තමා ගින්දරත් ගොඩාක් තියෙන්න ඔනා. ) පුච්චගන්නා සැම රොටියක්ම ගී හෝ බටර් ගලා රස්නය යන්නේ නැති භාජනයකට දලා වහලා තියන්න. එතකොට ගොඩාක් වෙලා යන කම් soft එකට රොටි තියගන්න පුලුවන්.
ඔයා ඔයිල් දාන්න කැමති නැත්තම් උණුවෙන්ම රස්නේ යන්නේ නැති box එකට දලා වහලා කන වෙලාවට විතරක් ඇරලා කැමට ගන්න.
ඔයා චාපාති හදලා පින්තූර කමෙන්ට් වල දාන්න එක මට සතුටක්.
ස්තුතියි !
®Bhagi Gunawardana Tennakoon
Bhagi’s kitchen Facebook fan page link
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Instagram page
instagram.com/bhagi_gunawarda...
Indian chapathi roti / Chapathi recipe / phulka Chapathi / how to make Chapathi / hariyata Chapathi hadamu / pimben Chapathi rotiya / indiyanu rotiya / Indian flatbread / Indian / cookingshooking inspired / Indian channel
Негізгі бет Indian Chapathi Roti - Sinhala | පිම්බෙන ඉන්දියානු චාපාති රෝටිය | Indian Recipe | Indian Flatbread
Пікірлер: 100