I made some of my favorites for Monday lunch. Jackfruit curry, fresh spinach salad, Sri Lankan dried fish fry. This combination tastes absolutely delicious.
මේ සදුදා දවල්ට කන්න උයපු කෑම වේල.. කොස් කිරට උයලා, නිවිති සම්බෝල හදලා, මෝර කරවල තෙල් දැම්මා. මං හරිම ආසයි මේ විදියට කන්න. මේ මෙනු එක ඒතරම් රසයි..
මට නම් 'ඉවීමෙන් සැනසීම ලැබේ' .. මගේ කුස්සියට ගිහින් ඒප්‍රන් එක ඇදන් හාල් මැනලා සෝදලා බත ඉදෙන්න රයිස්කුකර් එකේ තියෙන තැන ඉදන්ම මං උයන්නේ තෘප්තිමත් හිතෙන්.. මට අනවශ්‍ය කිසිදෙයක් මතක් වෙන්නේ නෑ. ඒ තරන් ආසාවෙන් මං උයනවා. ඒ ආසාවේ සතුට, දාන අනිත් පහේ එක්ක කෑම එකතු වෙලා, උයන දේ ගොඩාක් රස වෙනවා. ඒවා කද්දි අම්මෝ ඉතින් රස.
එතකොට මට හිතෙනවා,
'අඩේ.. මං උයන කෑම මාර රසයිනේ' කියලා. 🙈
ඒ තෘප්තිය හිතට විතරක් නෙවෙයි මනසට ලොකු සැනසීමක් දෙනවා..
ඉස්සර මගේ ඉස්කෝලේ ටිචර්ස්ලා මට බැන්නේ මං කිසි කමකට නෑ කියලා.. ඒත් අද එයාලා මං දිහා බලලා සතුටු වෙනවා.. ආශිර්වාද කරනවා.
උයන එක තව ගෑනු කෙනෙක්ට කරදරයක් වදයක් වෙද්දි ඒ ඉවීම ම සැනසීමක් සතුටක් කරන් ආදරේ බෙදන ගෑනුත් මේ ලෝකේ ඉන්නවා.
මං එහෙම ගෑනු අයගෙන් එක්කෙනෙක්.. මට ඒ ගැන සන්තොසයි. මට මේ ලෝකේ හැම කෑමම හදන්න බෑ ඒත් හදන්න දන්න කෑම ටිකට ආදරේ එකතු කරන්න මට පුළුවන් .. ඒකයි මං සතුටෙන් කියලා දෙන්නෙත්..
අද උයපු විදිය විඩියෝ කරා. එඩිට් කරලා හෙට හවසට දාන්නම්.. ❤️😘
එතකන් පරිස්සමෙන් ඉන්න..
ආදරෙන්,
හෂී🌸
🔹මේ තියන්නේ ෆේස්බුක් එකේ කෑම පිටුවේ ලින්ක් එක
/ madebyhashi
🔹මේ තියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ කෑම පිටුවේ ලින්ක් එක
instagram.com/homeyfoodies?ig...
🔹මේ තියන්නේ කෑම පිටුවේ ටික්ටොක් එකවුන්ට් එකේ ලින්ක් එක
www.tiktok.com/@homeyfoodies
Негізгі бет Lunch For Monday / සදුදා දවල්ට මං උයපුවා බලන්න ආසද?
Пікірлер: 40