ගායනය . ඉමාන් පෙරේරා
සංගීතය . අජිත් ජයවීර
ගී පද . නාරද විජයසූරිය
පිබිදෙන්න වසන්තය හිනැහී තුරුණු තුරු අගින්
කොඳුරන්න මියුරු පෙම් කූජන කොවුල් තුඩු වලින්
පිසලන්න සුවඳ මල් පැණියෙන් ලදලු රතු ලවන්
හැර යන්නෙ නෑලු ඈ ඉඳීවි ඉතින් මා ලඟින්
නිමාවක් නොවෙන්න ඇදෙන වලාකුළු වලින්
කිතිකවා කියන්න රහස සඳ කොපුල් සුපෙම්
හීනයක්ද දකින්නෙ මේ දන්නෙ නැති බැවින්
ඔය ඇඟිලි තුඩින් කොනිත්තන්න නොරිදෙනා ලෙසින්
සැනසෙන්න හැකිය පැරදුනාට පළමු ආදරෙන්
අවසාන ප්‍රේමයක් පුදන්න බලා හිඳිමි මං
හද පතුලටම කිඳී කිසිවෙකු නොදුටු මුතු අරන්
ඈ ආදරෙන් ලඟින් හිඳිවී සසර වසන කම්
ප්‍රේමය හමුවීමේ කථාව .....
--------------------------------------
සංසාරය පුරා සොයා ගිය ආදරය හමු වන විට ඔබට කිහිප වරක් මඟ වැරදී තිබෙන්නට පුළුවන .
එහෙත් බලාපොරොත්තු අපව ජීවත් කරවයි .
අපේක්ෂා බුන් වීමෙන් ලද කම්පනය විසින් ඔබව තළා පෙළා දැමූ මොහොතක,
අන්ධව ගොළුව බිහිරිව වැතිරී සිටින මොහොතක
සියොතුන් නගන රාවය ඇසෙන්නට ඉඩ තිබේ .
එවැනි විරාමයක ගහකොළ , මල් පුබුදා ඔබ අවට වසන්තයක් නිර්මාණය කර දෙනු ඇත .
දෙනෝදාහක් බලා සිටින මහ පාරේ , අහසින් වැටෙන වැහි බිඳු මුවමත පතිත වන තුරු දෑස් පියා දෑත් විදා සැහැල්ලුවෙන් සිටින්නට ඔබට හැකිය .
සමනළයින් සමග පියඹා යන්නට පියා පත් ද , සඳ තරු හා දොඩන්නට භාෂාවක්ද ඔබට ලැබෙනු ඇත
ඒ සියල්ල ප්‍රේමයේ ආනුභාවයයි
පරාජිතව ප්‍රතික්ෂේප කර දමනු ලැබූ මිනිසෙකුගේ මුහුණේ ප්රහර්ෂයක් අඳින්නට හැකි ගැහැණියක් මෙළොව සිටී .
ඇය හමුවන්නේ කොයි මොහොතේ ,කොහෙදීදැයි කියන්නට කිසිවෙකුට නොහැක .
එහෙත් එකක් පැහැදිළිය ,ඔබේ සියලු දුක්ඛ දෝමනස්සයන් ඈ විසින් පිස දමනු ඇත .
යළි කිසිම දිනෙක කිසිවෙකුට ඔබව පරාද කළ නොහැකි පරිදි ඒ ප්‍රේමය විසින් ඔබව ආරක්ෂා කරනු ඇත
ඒ ඔබේ අවසන් ප්‍රේමයයි
නොඑසේනම් ඒ ඔබේ එකම ප්‍රේමයයි .
Негізгі бет පිබිදෙන්න වසන්තය PIBIDENNA -IMAN PERERA - අජිත් ජයවීර - NARADA WIJAYASURIYA
Пікірлер: 22