serendibite gemstone, ශ්‍රී ලංකාවේ හමුවන සෙරන්ඩිබයිට් මැණික් ගල දුර්ලභ ඝනයේ මැණික් විශේෂයක් වන අතර මිලෙන් ඉතා ඉහළ අගයක් ග්නී.සෙරන්ඩිබයිට් මැණික් විශේෂය කොළ වර්ණයට හුරු නිල් වරනය හා කොළ වර්ණයන් ද දැකගත හැකිය. මැණික් පතල් වල කළු වර්ණයෙන් හමුවන ගල් ගැන විශේෂ අවධානයක් යොමු කළොත් ඔබට වටිනා කමකින් යුත් මැණික් ගල් මඟ හැරී නොයයි. "සෙරන්ඩිබයිඩ්" SERENDIBITE
වර්තමාන මැණික් ලොව තුල හමුවන අති දුර්ලභ මැණික් විශේශයන් අතරින් ඉතා දුර්ලභ මැණික් විශේෂයක් ලෙස මෙම "සෙරන්ඩිබයිඩ්" මැණික් විශේෂය හදුන්වා දිය හැකි වේ.. මැණික් පිලිබදව හදාරා ඇති අයෙකුට සෙරන්ඩිබයිට් ලෙස හැදින් වුවද මෙහි ලොව නොදත් සැබැ නම වන්නේ "බොනීනයිට් =ග්‍රීන් සෙරන්ඩිබයිට් " යන වර්ග නාමයයි, මැණික් ලොවට ආදුනිකයෙකු හටනම් මෙය නිතැතින්ම අරුමයක් වනු නිසැකය,
කෙසේ නමුත් වර්තමානයේ ලොව අති දුර්ලභම මැණික් විශේශය බවට පත් වී ඇත්තේ මෙම සෙරන්ඩිබයිට් නම් මැණික් විශේෂයයි. අදින් සියවසකට පමණ පෙරාතුව එනම් 1902 වසරේදී මෙම මැණික් විශේෂයට අයත් මව් ඛණිජය මැණික් විද්වතෙකු වූ "ජී.ටී ප්රියර්" සමගින් කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස" ඒ.කේ ආනන්ද කුමාරස්වාමි" මහතා විසින් සොයා ගන්නා ලදී,මෙම ඛණිජය හුදෙක්ම මැණිකක් මෙන් අලංකාර ප්රභාවක් එනම් "තුඩියක්"(Lusture) නොමැතිවූ අතර කලු පැහැයක් හෙබවූ ඛණිජයක්ම පමණක් විය ඔහු එයට තබන ලද නාමය වූයේ "සෙරන්ඩිබයිට්" යන වර්ග නාමයයි.
එනම් අතීත අරාබි ජාතික වෙලෙන්දන් අප රට හැදින් වූ වෙළද නාමයයි(Serendib)..එහෙයින් සෙරන්ඩිබයිට් ලෙස මෙම මව් ඛණීජය සොයා ගනිමින් එය ලොවට ඉදිරිපත් කිරීමේ බුහුමන් හිමි වන්නේ ඒ.කේ ආ අන්ද කුමාරස්වාමි මහතාට වේ,නමුත් ඉන් පසු කතාව මීට වඩා වෙනස් විය,මින් වසර 94 කට පසුවඑනම් 1996 පමණ සිටි අදටත් සිටින ප්‍රවීණ මැණික් විදේතෙකු රත්නපුරයේ සිටියේය,ඔහු පිළිබද සවිස්තරාත්මක විස්තරයක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.හෙතන සිය ස්වකීය මැණික් පර්යේශන වල නිරත වී සිටින අතරතුර එක්තරා දිනක පයේශණ කටයුත්තක් සදහා කොලොන්න ප්‍රදේශයේ මැණික් ලැබෙනා එක් ඉසව්වකට යාමට සිදුවිය ඒ "ගිනිගල්ගොඩ" නම් ඉසව්වයි
එහිදී ඔහුට එහි වූ එක් පතල් කම්කරුවෙකු විසින් ඔහුට එක්තරා විශේෂ මැණික් ගල් කීපයක් ඉදිරිපත් කරන ලදී,බැලූ බැල්මට "කොනරුපීන්" යන මැණික් විශේශයට අයත් යැයි පෙනී ගියද ඒවාහි වූ අලන්කාර නිල්වන් කොළ පැහැය(bluelish green) නිසාවෙන් ඔහු විසින් එම ගල් කීපය මිළදී ගන්නා ලදී එහි ගල් කැබලි තුනක් විය, පසුව ඔහු විසින් කරන ලද වැඩිදුර පර්යේෂණ හමුවේ මෙම විශේෂයෙහි වර්තනාංකය(Reflactive index) 1.697 ත් 1.702 ත් අතර විචලනය වන බවයි, "සෙරම්ඩිබයිඩ්" ඛණිජයේ වර්තනාංකය 1.700 - 1706 හා 1.734 - 1.738 ත් අතර විචලනය වන අතර ඊට බොහෝ ආසන්න අගයකට මෙහි වර්තනාංකය විචලනය වේ,එබැවින් ඔහු මෙම ගල් සාම්පල තවත් වැඩි දුර පරීක්ශාව සදහා ඇමරිකාවේ GIA(Gemological Institute of America) ආයතනයට යවන ලදී,එහිදී තහවුරු වූයේ මෙම මැණික් විශේෂය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් සොයගත් "සෙරන්ඩිබයිඩ්" ඛණිජයේ මැණික් විශේෂය මෙය බවයි..එඹැවින් මෙම නව මැණික් විශේෂය පළමුව ලොවට ඉදිරිපත් කල මැණික් විද්වතා වන්නේ රත්නපුරයේ අදත් ප්‍රකට "දුනිල් පාලිත ගුණසේකර" මහතාය මාගේ ගුරුවරයා වන්නේද එතුමන් බව මා සදහන් කරන්නේ ආඩම්බරයෙනි...
එතුමන් මෙම නව මැණික් විශේෂය සිය මව් තුමිය වූ "බොනී මැටිල්ඩා ගුණසේකර" නාමය මුල් කර ගනිමින් "බොනීනයිට් = ග්‍රීන් සෙරන්ඩිබයිට්"(BONNYNITE = GREEN SERENDIBITE) යනුවෙන් නම් තබන ලදී...මෙම මැණික් විශෙස්ෂයේ දුර්ලභත්වය කෙතෙක්ද පැවසුවහොත් වර්තමානයේ මුලු ලොවටම ඇත්තේ මින් කැබලි 9 ක් පමණි,භාහිර ස්වරූප්ය සැලකූ කළ ඉතා දීප්තිමත් නිල් කොළ පැහැයකින් යුක්ත වන මැණික් විශේෂයකි,බොහෝඅ විට "කොනරුපින්" යන මැණික් විශේෂය හා පැටලුම් සහගත විය හැකි මෙය වර්තනාංක පරීක්ශාව,වර්ණාවලි පරීක්ශාව හා රසයන විශ්ලේෂන ක්රමයන් මගින් විශේෂ කොට හදුනාගත හැකි වේ..වර්තනාංක පරිමාණ(Reflactive index) 1.697 - 1.702 ත් අතර විචලනය වන මෙය විශිශ්ඨ ගුරුත්වය 3.42 - 3.52(S.G) අතර අගයක් ගනී මැණික තුල දක්නට ලැබෙන ශංකතාභ පැලුම් හා ගල මතුපිට විශමාකාර රේඛාමය ස්වරූපයක් ඩැකිය හැකි වේ ස්ඵටික පද්ධතිය සැලකූ කළ "ත්‍රි ආනති"(Triclinic) ස්ඵටික වින්‍යාසය දරන මෙහි රසායනික සූත්‍රය (Ca, Na)2 (Al, Mg, Fe2+ , Fe 3+ )6 ( Si, B, Al)6 O20 වේ,විද්‍යාත්මක කාණ්ඩගත කිරීමේදී " බෝරෝ සිලිකේට(Borosilicate)" වශයෙන් කාණ්ඩ ගත කර ඇති මෙ අබ්යන්තර පැලුම් දක්නට නොමැත(Cleavage).මොහාස් පරිමාණ 6.5 ත් 7.5(Mohas scale) ත් අතර විචලනය වේ.මෙහි මෙහි ඇති අධික දුර්ලබත්වය නිසාම කැරට් එකක් සදහා නිස්චිත මිළක් නියම කල නොහැකි වේ...
Негізгі бет serendibite gemstones 🇱🇰💎 ශ්‍රී ලංකාවේ හමුවන දුර්ලභ මැණික් විශේෂයක් වන සෙරන්ඩිබයිට් මැණික් විශේෂය
Пікірлер: 56