මෙම ගීතය සියලුම ගුරු දේවතාවන් සඳහා උපහාරයක්ම වේවා.🎓
ගායනය - සෙනුනි රයෝධ්යා
වීඩියෝ සංස්කරණය - උමිඳු වින්දිම | නෙතුම් වැලිකඩ
සංගීත සංස්කරණය - නෙතුම් වැලිකඩ
ගී පද:
සිප් කිරි පොවා අප හට දුන් ඔවා මිනි..
යා යුතු මග මේ යැයි නිතරම කියා දුනී..
මව්පිය විලස සෙනෙහස පිදු දයාවෙනි..
නමදිමු ගුරු මවුන් සහ ගුරු පියාණනි...
බිහිකළ මව් ට පසු අම්මා ඔබය අපේ..
අප්පච්චිට දෙවෙනි පිය තුම ඔබය අපේ..
පතනෙමි මෙලෙස දෑතම එක් කරන් අපේ..
කිසියම් දුකක් නොම වේවා මෙතුම් කපේ...
අමනාපයක් නැත කිසි දවසක පෙන්නා..
වරදක් දුටුව තැන නිසි දඩුවම දුන්නා..
හොඳ මිනිහෙක් කරන්නට වීරිය ගන්නා..
මතු සසරෙදි ගුරු මව්පියෝ බුදු වෙන්නා...
දන්නා සියලු සිප්කිරි අප හට පෙව්ව..
දිව රැ නොබලා අප වෙනුවෙන් වෙහෙසෙව්ව..
දුකකදී සතුටකදී අප සිත් සැනසෙව්ව..
නමදිමි එවන් ගුරු මව්පියෝ හැමදාම...
මෙම වීඩියෝව ශ්රී විනයාලංකාර දහම් පාසැලේ 2021 වර්ෂයේ සංවිධානය කල "ගුරු උපහාර දිනය" වෙනුවෙන් සකස් කලවුවකි.
නැරඹු සියලුම දෙනාට ස්තුතියි. ❤
Негізгі бет සිප් කිරි පොවා ගුරු ගීතය Sip Kiri Powa Teachers' Song | Senuni Rayodhya
Пікірлер: 25